බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ඇයට ලිංගික අතවරයක්කිරීම සම්බන්ධයෙන් බුත්තල පොලීසිය මඟින් ඉකුත් (08) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු බුත්තල යුදඟනාව ජනපදයේ පදිංචි 33 හැවිරිදි අයෙකි. සැකකරු දැරියට අවුරුදු 15 මාස 04 වන 2022 නොවැම්බර් මාසයේදී ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇයගේ කැමැත්ත මත නිවසෙන් පිටතටගෙන ඇයගේ නිවස පිටුපසදී රාත්‍රී 12.30 පමණ ලෙස අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර 2024/03/29 දින රාත්‍රී 12.30 පමණ ඇය සමඟ කථාබස්කර ඇයව නිවසෙන් පිටතටගෙන එම නිවස පිටුපස මඩුවකදීද අතවරයට ලක් කර ඇත.
මෙම ප්‍රේම සම්බන්ධතාවය දැරියගේ පියා දැනගැනීමෙන් පසු එය නතරකරන ලෙස අවවාදකිරීම නිසා 2024/04/04 වෙනි දින දැරිය වස වර්ගයක් පානයකොට දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
අයගේ තත්වය බරපතළ නොවන අතර පොලීසිය ප්‍රශ්නකිරීමේදී පාසලේ ක්‍රීඩා ගුරුවරයා සමඟ අවස්ථා කිහිපයකදී අඹුසැමියන් ලෙස හැසිරුණු බව පොලීසියට පවසා ඇත.
සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇත. බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජේ බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක